27 April 2024
#දේශීය

ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ට කෘෂිකර්ම පුහුණුවක්

‍මා‍තලේ කොහොඹිලිවෙල සෙනෙහස පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් සදහා මාස තුනක නොමිලයේ කෘෂිකාර්මික පුහුණූ පාඨමාලාවක් ආරම්භ කළ බව මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ දොඩන්වල මහතා පවසයි.

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් මෙම කටයුතු සිදු කරන අතර මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ මුලස්ථාන කෘෂිකර්ම උපදේශිකා අජන්තා විජේසේකර මහත්මිය ඇතුලු කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මින් මෙම වැඩසටහනට දායකත්වය ලබා දිමිට නියමිතය.

සතියේ සැම බ්‍රහස්පතින්දා දිනකම සවස 2 සිට 4 දක්වා ප්‍රායෝගික සහ න්‍යායාත්මක පුහුණුව ලබා දිමට සැලසුම් කර ඇති අතර මෙහිදි කෘෂිකාර්මික පාලනය,තවාන් පාලනය,බිම් සැකසිම,එළවලු පළතුරු බිම්මල් වගාවන් ගෙවතු පාලනය,මි මැසි පාලනය,පාංශු සංරක්ෂනය,ආහාර හා තාක්ෂණය ,ඇතුලු අංශ ගණනාවක් තිස්සේ පුහුණුවක් ලබා දිමට නියමිත අතර ආදර්ශ ගෙවත්තක්ද ඉදිකිරිමට සැලසුම් කර තිබේ.

මෙම පුහුණුව සදහා ප්‍රදිපාලෝක බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ද සහභාගි කර ගැනේ.

සාමරම්භක අවස්ථාව සදහා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සි දොඩන්වල,උකුවෙල සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු , මාතලේ පරිවාස කාර්යාලයේ ස්ථානභාර පරිවාස නිලධාරි යාපාබණ්ඩාර ,මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ මුලස්ථාන කෘෂිකර්ම උපදේශක අජන්තා විජේසේකර,මාතලේ තරුණ බෞද්ධ සමිතියේ භාණ්ඩාගාරික තිලක් රංජිත් සිල්වා යන මහත්ම මහත්මින් කෘෂි නිලධාරින් ඇතුලු දු දරුවන් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *