27 April 2024
#දේශීය

උකුවෙල මත්ද්‍රව්‍ය වැඩසටහනක්

ඔක්තෝබර් මස පළමු දිනට යෙදුනු ලෝක ළමා දින සැමරුම නිමිති කර ගනිමින් උකුවෙල ප්‍රාදේශීය මහ ලේකම් එන්.කේ සේරසිංහ මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද “මතින් තොර නිදහස් සෞභාග්‍යමත් දේශයක්” යන මැයෙන් යුත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් මාතලේ ඕවිලිකන්ද විද්‍යාලයේදී පැවැත්විණී.

සම්පත්දායකත්වය අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී දිනේෂ් චතුරංග මහතා විසින් සිදු කළ අතර සම්බන්ධීකරණය උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන නිළධාරීන් වන ශාලුක ප්‍රේමචන්ද්‍ර සහ චතුරංග විජේරත්න යන මහත්වරුන් විසින් සිදු කරන ලදි.

මෙම වැඩසටහන සදහා විද්‍යාලයේ දරු දැරියන් සහභාගි විය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *