27 April 2024
#දේශීය

වසන්ත මුදලිගේලා කරපු රාජ්‍ය විරෝධී ක්‍රියාව මොකද්ද – විපක්ෂ නායක සජිත් අසයි

වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇත්තේ ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කර සිටි.

මේ වන විට වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානමක පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා බන්ධනාගාරයෙන් ඔහු රාත්‍රී කාලය තුළ විවිධ ස්ථානවලට රැගෙන යමින් සිටින බවට වාර්තා වන බව ද පැවසීය.

රටට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් යෝජනා වලට ආණ්ඩුව විසින්ම උත්තේජනය ලබාදෙන බව පැවසූ හෙතෙම ශිෂ්‍ය අරගල වලට ප්‍රහාර එල්ල කරන්නේ ඒ අරමුණින් දැයි ප්‍රශ්න කළේය. ත්‍රස්තවාදයට තමන් තරයේ විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකවරයා ත්‍රස්තවාදයේ නාමයෙන් අහිංසක පුද්ගලයින් සිරගත කිරීමට ද තමන් එකහෙළා විරුද්ධ බව පැවසීය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *