27 April 2024
#දේශීය

නවසීලන්ත මහකොමසාරිස් මෙරට මහජන ආරක්ෂක ඇමැති හමුවෙයි

නවසීලන්තයේ පළමු මහ කොමසාරිස් ලෙස පත්වූ මයිකල් ඇපල්ටන් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතර හමුවක් පසුගියදා සිදුවිය.

ශ්‍රී ලංකා හා නවසීලන්තය අතර සහයෝගීතාවය හා සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සම්බන්ධව මෙහීදි අදහස් හුවමාරු විය.

එසේම දෙපාර්ශවයට වඩා වැදගත් වන කරුණු සම්බන්ධව හා ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු වී තිබේ යොමුවී තිබේ.

මීට අමතරව ආරක්ෂක සහයෝගීතාවය වැඩිදියුණු කිරීම හා රටවල් දෙක අතර පොදු අවකාශ පිළිබඳවත් අවධානය යොමු විය. ඒ යටතේ සාමාජීය ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍ර පිළිබඳ වත් මහ කොමසාරිස්වරයා හා අමාත්‍යවරයා අතර සාකච්ඡා සිදුවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *