27 April 2024
#සංවර්ධන

ඇමති ජොන්ස්ටන්ගෙන් ගුවන් පාලම් 03 ක්

කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 03ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ වැඩි මාර්ග තදබදයක් පවතින්නේ මෙම කොටසේ බව අධ්‍යනයක් මගීන් හදුනාගෙන ඇති අතර ඒ නිසා කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල දිනකට පැය 04ක පමන මාර්ග තදබදයක් ඇති බවද අනාවරණය වී ඇත. එසේම දිනකට 109 වතාවක් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වැසීමක්ද සිදුවේ.

මාර්ග තදබදය අවම කිරිම සදහා මීටර් 420ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් උත්තරානන්ද මාවත හරහා හා ජස්ටිස් අක්බාර් මාවත හරහා ඉදිකිරිමට යෝජිතය. බාලදක්ෂ මාවත හරහා ඉදිවන ගුවන් පාලමේ දිග මීටර 350කි. මෙම ව්‍යපෘතිය සදහා රුපියල් බිලියන 6ක් පමණ පිරිවැයක් දැරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *