• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක්

3 November 2023
in දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ‌ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 15 මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීම ද එහිදී සිදුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සිදු කළ මෙම මූල්‍ය ප්‍රදානය දෙරට අතර පවතින බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

බෞද්ධ විහාර ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, සංස්කෘතික හුවමාරුව, පුරාවිද්‍යා සහයෝගීතාව, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් ධාතුන්වහන්සේලා ප්‍රදර්ශන කිරීම ඇතුළු ආගමික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට මෙම මූල්‍ය ප්‍රදානය යොදා ගැනීමට හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වෙනස්වන තත්ත්වය හමුවේ මෙම ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා රුපියල්වලින් ඉන්දියානු රුපියල දක්වා විනිමය හුවමාරුවක් සිදු කිරීමට දෙරටම එකඟ වී ඇති අතර එය පවතින වෙළෙඳ පොළ තත්ත්වයට අනුකූලව සකස් කිරීමට ද එකඟතාව පළවී තිබේ.

මෙම එකඟතාව හුවමාරු කරගත් රාජ්‍ය තාන්ත්‍රික ලේඛන මගින් විධිමත් කරනු ලබන අතර, එය ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත.

දෙරට අතර ඇති කරගත් එකඟතාවන්ට අනුව ද්වීපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ
ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉදිරියේ සිදු කරන ලදී.

මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානය යටතේ ආරම්භ කෙරෙන පළමු ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මඟින් ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථානවල සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර, එම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ද දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු විදේශ අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 20
Previous Post

අන්තර් පාසැල් හොකී තරගාවලිය – 2023 පොලොන්නරුවේදි පැවැත්විණි

Next Post

මැතිවරවණය සම්බන්ධයෙන් ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

editor

editor

Next Post

මැතිවරවණය සම්බන්ධයෙන් ජනපතිගෙන් පරීක්ෂණ කොමිෂන් සභාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved