27 April 2024
#දේශීය

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහලට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකගත්වය පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකගතාව පළ වූ බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවුසවේ ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ විය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සහ බෑග් නිෂ්පාදකයන්ගේ සහභාගීත්වෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා කියා සිටියේ ඩොලරයේ මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල ඩොලරය අවප්‍රමාණය වූ අවස්ථාවේ දී පහළ නොගිය බවයි. මේ තත්ත්වය හේතුවෙන් මාපියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් මිල අඩු නොකරන්නේ නම් වෙනත් විකල්ප කරා යාමට රජයට සිදු වන බව හෙතෙම කියා සිටියේය.

බෑග් සහ සපත්තු දැනට ආනයනය තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බැවින් දේශීය නිෂ්පාදකයන්ට විශාල වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එබැවින් හැකි අවම මිලක් යටතේ සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය. අදාළ ඉල්ලීම සැලකිල්ලට ගත් ව්‍යාපාරිකයන් මිල පහත හෙලීමට හැකි බව සඳහන් කළ අතර එක කුමන ප්‍රතිශයකින් පහත හෙලන්නේ ද යන්න පිළිබඳ මැයි මස 23 දා නිල වශයෙන් දැනුම් දෙන බව ද කියා සිටියේ ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *