27 April 2024
#දේශීය

කොළඹ නගර සභාවේ රැකියාවට එන අයට ශාකසාර වාෂ්ප කුටියක්

කොවිඩ් – 19 කොරෝනා වෛරස තත්වය පැතිරී යාමත් සමඟ දීර්ඝ විවේකයකට පසු පසුගිය 11 වන දින සිට නැවත රැකියාවට පැමිනෙණ කොළඹ මහ නගර සභාවේ කර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය සඳහා ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් ශාකශාර වාෂ්ප කුටියක් නිර්මාණ කර තිබේ.

එය විවෘත කිරීම නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (13) දින කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී සිදු විය.

මෙහි දේශිය ඖෂධීය ශාක කොටස් අඩංගු කර ඇති අතර , සෙන්ටිග්‍රේඩ් අංශක 50 ක පමණ උෂ්නත්වයකින් මෙය සමන්විත වේ.එම කුටිය තුළට ඇතුල් වු විට එහි පිටවන වාෂ්ප ආග්‍රාහණය කිරීම මඟින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රචලිත “දුම් හට්ටිය” ඉටුකරන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මඟින් ශ්වසන මාර්ගය සහ ඒ ආශ්‍රිත ඉන්ද්‍රීයන් පිරිසිදු කරනු ලබයි.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *