• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රැදවියෙකගෙන් කබීර්ට තෑග්ගක්

16 June 2018
in ක්‍රීඩා

ශ්‍රී ලංකා මුස්ලීම් ලීගය වසර 67 ක් තිස්සේ රාමසාන් උපවාසය නිමාවේ මහර බන්ධනාගාරයේ සිටින ඉස්ලාම් රැදවියන් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමීමේ උත්සවය අද (16) පැවතිණ.

එහිදී එම බන්ධනාගාර රැදවියෙකු විසින් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ රැව සිත්තම් කරන ලද සමරු සටහනක් එතුමාට ලබා දීම සඳහා මුස්ලිම් ලීගයේ ආගමික අංශයේ සභාපති එම්.ආර්.එම්.ඉල්ලියාස් මහතාට සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිශ්මං රණසිංහ මහතා වෙත භාර කළේය.

අමාත්‍යවරයා අඛණ්ඩව මෙම උත්සව අවස්ථාව නියෝජනය කළ ද මෙවර අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් අනුව මෙම අවස්ථාවට එක් නොවිණ. එතුමා විසින් සහභාගී වීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමින් එවා තිබූ රාමාසාන් සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා සිටියේ උපවාස සමය යහපත් ජීවිතයකට දෙවියන් විසින් ලබා දුන් අභ්‍යාසයක් කොට සිතා මිනිසුන්ට ආදරය කරමින්,ගරු කරමින් සහ සමානයන් යැයි සිතමින් කටයුතු කිරිමෙන් ලෝකය වඩාත් යහපත් තැනෙකට ගෙන යාමට දායක වන ලෙස ය.

මුස්ලිම් ලීගයේ ලේකම් ෆවුසාල් කාලීෆ් මහතා වසර හැට හතක ඉතිහාසය තුළ වර්ථමානයේ එහි ප්‍රධානි වන ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ටී.අයි.උඩුවර මහතා දක්වා මහර බන්ධනාගාරයේ ප්‍රධානීන්,නිලධාරීන් සහ සුබසාධන අංශය දැක් වූ දායකත්වයට ස්තූතිය ප්‍රකාශ කරමින් මුස්ලිම් ලීගයේ වර්ථමාන සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා දක්වා එහි සභාපති ධූරයන් දැරූ සියලු සභාපතිවරුන් දැක් වූ දායකත්වයද ඇගයීමට ලක් කළේය.

මෙම රාමාසාන් උත්සවය නිමිති කොට පවත්වන ලද උත්සව අවස්ථාව මහර බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ටී.අයි.උඩුවර මහතාගේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ එහි සුබසාධක සංගමය, නිලධාරීන් සහ නේවාසික රැදවියන් එක්ව සාර්ථක ලෙස සංවිධානය කර තිබිණ.මෙම උත්සවයේ ආගමික වතාවන් මෙහයවීම් අක්බාර් නගරයේ මුස්ලිම් පල්ලියේ එන්.ඒ.එම්.ඉල්ලියාස් මවුලවිතුමාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණ.

Post Views: 8
Previous Post

වර්ජනය නවතා වැඩට එන්න – තැපැල්පති

Next Post

පුද්ගලික රෝහල්වලට අයකරන වැට් බද්ද නැති කරයි

editor

editor

Next Post

පුද්ගලික රෝහල්වලට අයකරන වැට් බද්ද නැති කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved