27 April 2024
#දේශීය

සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කල යුතුයි – ඇමැති ප්‍රසන්න

නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ඉඩම් ඒකරාශි කර ගනිමින් කඩිනමින් ඉඩම් බැංකුවක් සකස් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ මේ වනවිටත් උපරිම භාවිතයට යොදාගෙන නොමැති ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත එවැනි ඉඩම් ජාතික සැලැස්මකට අනුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරීත්වයෙන් සංවර්ධනය කිරීමට බළාපොරොත්තු වන බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතුව දිවයිනේ ප්‍රධාන නගරවල පිහිටි ඉහළ වෙළඳපොළ වටිනාකමක් සහිත ඉඩම් හා ගොඩනැඟිලි අක්කර 1008ක් පමණ ඇත. මේ වනවිටත් නාගරික සංවර්ධන අධිකාරිය සතු දිවයිනපුර පිහිටි ඇතැම් ඉඩම් විවිධ පිරිස් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ.

එහෙත් ඉඩම් බැංකුවක් සකසා ඉඩම් නිසි පරිදි ලැයිස්තුගත කිරීම මගින් ඉඩම් අවභාවිතාවීම වැළැක්වීම මෙන්ම එම ඉඩම් වලින් නිසි ප්‍රයෝජනයක් ලබාගනිමින් රටේ ආර්ථික වර්ධනයට ඒවා දායක කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉඩම් සංවර්ධනය කිරීමත් සමඟ ආයෝජන ආකෘතියට යම් නම්‍යශීලී බවක් ලබාදීම, නම්‍යශීලී ගෙවීම් යටතේ ආයෝජකයාට ඉඩම බදු දීම වැනි දිරිගැන්වීම් කිහිපයක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුන්වාදී තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *