27 April 2024
#දේශීය

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය

ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall) මහත්මිය පැවසුවාය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

බ්‍රිතාන්‍ය රජයේ සෞභාග්‍ය කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩෘ ප්‍රයිස් (Andrew Price), ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ සජන සූරියආරච්චි යන මත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *