කොළඹදී සිදු වූ චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර චීන ජාතිකයා අද (සැප්තැම්බර් 06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. මීට පෙර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පත් කරමින් සැකකරුගෙන් ප්‍රශ්න කර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය විසින් පැය 48ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබූ අතර, එම රැඳවුම් කාලය අවසන් වීමෙන් පසු සැකකරු අද මෙලෙස යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
















