27 April 2024
#දේශීය

ඉරානයෙන් ශ්‍රී ලංකාවට පිළිකා ඖෂධ ඇතුඵ අත්‍යවශ්‍ය බෙහෙත් රැසක්

ඉරාන ජනරජය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 1.8 ක ට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත අද (04) පෙරවරුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණි.

ඉරාන තානාපති හෂීම් අෂීද් (Hashem Ashjazadeh) මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේ දී භාර දීම සිදු විය.

මෙම පරිත්‍යාගය යටතේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් අඩංගු වේ. ඒ අතර පිළිකා, හෘද රෝග ,සමේ රෝග, වෛරස් ආසාදන, අධි රුධිර පීඩනය, පාකින්සන්ස් ආදී බොහොමයක් රෝග සඳහා වන ඖෂධ ඇතුළත් වේ.

වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි අත්‍යවශ්‍ය ඖෂධ රැසක් එකවර ලැබීම විශාල සහනයක් බවත් ඒ වෙනුවෙන් ඉරාන් ජනතාව ඇතුළු ඉරාන ජනරජයට ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මහත් සේ ස්තුතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රීචන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත්, ප්‍රධාන සම්බන්ධීකාරක (කොවිඩ් වසංගත රෝග සහ ඖෂධාධාර) වෛද්‍ය අන්වර් හම්දානි යන නිලධාරීහුද සහභාගි වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *