27 April 2024
#සංවර්ධන

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ වැඩ ආරම්භ කෙරේ

වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබු මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ නවිකරණය කටයුතු සදහා වැඩ ආරම්භ කිරිම ඊයේ(04) සිදු කෙරුණි.

වැඩ ආරම්භ කිරිම ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සහ මධ්‍යම පළාත් ආණඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් සිදු විය.

ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත 2023 වසරේ රුපියල් මිලියන 47.5 ක වියදමින් සංවර්ධනය කිරිමට නියමිතය.

වැඩිදුරටත් අදහස් දැක්වු රෝහණ දිසානායක මහතා කියා සිටියේ පසුගිය කාලයේ පැවති බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ පසුගිය යහපාලන රජය සමයේ සංවර්ධනය කටයුතු ආරම්භ කළත් වැඩ අවසන් නොකළ අතර ඉදිකිරිම් සිදු නොකිරිම නිසා මා‍තලේ ප්‍රදේශයේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා ක්‍රිඩා කිරිමට තිබු එකම ක්‍රිඩාංගණය මෙසේ වසර ගණනනාවක් තිස්සේ වැඩ නිම නොකිරිම නිසා දැඩි අපහුසතාවයට පත් වු බවයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතමාගෙන් කරන ලද ඉල්ලිම මත මෙම මුදල් අර්බුද හමුවේ වුවද මුදල් ප්‍රතිපාදන වෙන් කර දුන් බවත් ඒ සදහා ස්තුතිය පුද කරන බවය.

මේ නිසා මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්,ක්‍රිඩා සංගම් ඇතුලු පිරිස් මෙම ක්‍රිඩාංගණය වහා පිළිසකර කරන ලෙස නව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගෙන් සිදු කළ ඉල්ලිම අනුව මෙය කඩිනමින් සිදු කිරිම සදහා මෙම වැඩ ආරම්භ කිරිම සිදු විය.

මෙම ප්‍රතිපාදන මගින් බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ මංතිරු සහ අනෙකුත් පහසුකම් ඇති කිරිමටත් ජාතික හා ජත්‍යන්තර මට්ටමේ ක්‍රිඩාවන් සිදු කිරිමට අවශ්‍ය පහසුකම් සපයා දිමට තමා නිරන්තරයෙන් කටයුතු කරන බවත් එළඹෙන මාස කිහිපය ඇතුළත වැඩ නිමකිරිම‍ට පියවර ගන්නා බවද හෙතෙම පැවසිය.

‍මෙහිදි අදහස් දැක්වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ විවේචනය කිරිම් පසෙක දමා වැඩ කිරිම සිදු කළ යුතු බවත් මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිඩාංගණය දියුණූ කිරිම තුළින් ක්‍රිඩා කුසලතාවයන්ගෙන් හෙබි ක්‍රිඩකයින් බිහිවන බවය.

මෙම අවස්ථාවට මධ්‍යම පළෘත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ ,ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද කුලසුරිය,මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න,මාතලේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ,මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන යන මහත්ම මහත්මින් ක්‍රිඩා සංගම් නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *