27 April 2024
#දේශීය

සතුන් දඩයම් කරන්නට ගොස් විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට

ගිනිගත්හේන, හොරකඩ ප්‍ර දේශයේ පුද්ගලයෙකු ඊයේ (13) අනවසර විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා සතුන් දඩයම් කිරීම සඳහා අනවසර විදුලි රැහැන් අදිමින් සිටින අවස්ථාවේදී විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදීම හේතුවෙන් තුවාල ලබා ගිනිගත්හේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය කල විමර්ශන වලදි සිදුව ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වු ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ගිනිගත්හේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *