• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම මහපොලොවෙන් ආපු මිනිහෙක් – රාජ්‍ය ඇමැති ප්‍රසන්න කියයි

6 September 2020
in සංවර්ධන

තමා මහපොළොවෙන් ආපු මිනිහෙක් බවත් සීත කාමරවලට වෙලා වැඩ කිරීමේ පුරුද්දක් තමාට නොමැති බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දිනවල කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත වු අවස්ථාවේදිය.

අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍ර චාරිකාවට පෙර ග්‍රාමීය කර්මාන්ත කරුවන් සහ ශිල්පීන්, වෙන් වෙන් වශයෙන් තම අමාත්‍යාංශයට ගෙන්වාගෙන ඔවුන්ගේ ගැටළු සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී අවධානයට ලක්වුණු කාරණා පිළිබදව වැඩි දුරටත් අධ්‍යනය කිරීමට සහ පැමිණීමට නොහැකි වූ කර්මාන්ත කරුවන් හා ශිල්පීන් හමුවීම මෙම අධ්‍යයන චාරිකාවේ ප්‍රධාන අරමුණ විය.

ඒ අනුව කැළණිය වරාගොඩ, සෙරමික් ආයතනය, යක්කල වීරගුල මැටි ගම්මානය, ගලිගමුව බල්ලපාන මැටි ගම්මානය, කෑගල්ල මොලගොඩ මැටි ගම්මානය , පිළිමතලාව පිත්තල ගම්මානය, මහනුවර පොල්ගොල්ල බතික් පුහුණු මධ්‍යස්ථානය, මහියංගනය හෙබරව හා දෙහිගොල්ල මැටි ගම්මානය, බිබිල නාගල වේවැල් ගම්මානය, ඉකිරියන්ගල මැටි ගම්මානය, අයිවල වේවැල් කර්මාන්ත ශාලාව, නන්නන්පුරාව වේවැල් පුහුණු මධ්‍යස්ථානය සහ උඩවලව කොවුල්ආර සෙරමික් පුහුණු මධ්‍යස්ථානය, යන ස්ථාන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට යොමු විය.

එහිදී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා මෙසේ අදහස් පල කලේය “ තමුන්නාන්සේලා දන්නවා මම මහපොළොවෙන් ආපු මිනිහෙක් බව. මට සීත කාමරවලට වෙලා වැඩ කිරීමේ පුරුද්දක් නැහැ. ඒ නිසා තමයි මම ඔයගොල්ලෝ මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න තේරුම් ගැනීමට තමුන්නාන්සේලා ඉන්න තැනටම එන්න තීරණය කළේ. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය තේරුම් අරගෙන තමයි අදාළ කර්මාන්තවලට වෙන් වෙන් වශයෙන් අමාත්‍යවරු පත් කරලා තියෙන්නේ. මම දැක්ක විදිහට පවතින බොහෝ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට පුළුවන් ඒවායි. ඒ නිසා මේ පිළිබදව අතිගරු ජනාධිපතිතුමා සමඟත් පරිසර, වනජීවි, වන රක්ෂණ, භූ විද්‍යා හා පතල් කැනීම් සහ ශ්‍රී ලංකා පොලීසිය ආදී වශයෙන් සියලුම අමාත්‍යංශ සහ දෙපාර්ත්තමේනතු සමග සාකච්ඡා කොට ග්‍රාමීය කර්මාන්ත රකින තිරසර වැඩ පිළිවෙලක් සකස් කිරීමට මම පොරොන්දු වෙනවා ” යැයි ප්‍රකාශ කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා අමාත්‍යාංශ නිළධාරීන්, ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමා, එහි නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක්ද සහභාගී විය.

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

ත්‍රිරෝද රථය පාලනය කර ගත නොහැකිව සිදු අනතුරින් රියදුරු මියයයි

Next Post

යහපාලනය හදපු ස්වාධීන කොමිෂන් සභාවල කොහෙද ස්වාධීනත්වයක් තිබ්බේ ? – ඇමති ජොන්ස්ටන් ප්‍රශ්ණ කරයි

editor

editor

Next Post

යහපාලනය හදපු ස්වාධීන කොමිෂන් සභාවල කොහෙද ස්වාධීනත්වයක් තිබ්බේ ? - ඇමති ජොන්ස්ටන් ප්‍රශ්ණ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved