27 April 2024
#දේශීය

ත්‍රිරෝද රථය පාලනය කර ගත නොහැකිව සිදු අනතුරින් රියදුරු මියයයි

කටාන, මීගමුව දිවුලපිටිය මාර්ගයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් පෙරලි ගොස් කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 33 ක් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *