27 April 2024
#දේශීය

ඔමික්‍රෝන් ආවොත් වසන්තය ඉවරයි…. රටවල් 6 සිට එන මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබදව සැලකිලිමත් නොවුණොත්, වසන්තය ඉවරවෙනවා නියත බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

අප රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාළණය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා බව හෙතෙම පැවසිය.

ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක් බවත් දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක් බවත් ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ, වසන්තය ඉවර වෙනවා සත්තයි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීම තහනම් කර ඇති බවයි. ඒ දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමගයි.

එසේම අද දිනයේ පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු වේ. අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුවීම තහනම් වනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *