27 April 2024
#දේශීය

ආගමික අසමගිය ඇති කිරීමට කාටවත් ඉඩක් නැහැ – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ආගමික අසමගිය ඇති කිරීමට උත්සහ කරන කිසිවෙකු හට ඒ සඳහා ඉඩ නොදෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත විවිධ කොටස් පිළිබඳව අවධානය යොමුකරමින් සිටින බව හෙතෙම පැවසිය.

විශේෂයෙන්ම පසුගිය කාලයේ උග්‍ර ලෙස අත්විඳින ලද දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහ කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහය 291 (අ), (ආ) අනුව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *