27 April 2024
#සංවර්ධන

කොළඹ කොටුව සිට මහනුවර දක්වා සති අන්තයේදී විශේෂ සංචාරක දුම්රියක් – ඇමැති බන්දුල

සෑම සති අන්තයකම කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් හෙට (01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) දුම්රිය දෙපාර්තෙම්න්තුවේ ඉදිරි සැලසුම් සහ නව දුම්රිය වාර ආරම්භ කිරීම පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට ඒක්වෙමිනි.

නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18 ට මහනුවරට ළගාවීමට නියමිතය. නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණේ. දළදා මාළිගාව වැඳපදා ගැනීමට සහ පේරාදෙණිය මල්වත්ත නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ දුම්රිය සැලසුම් කර ඇත. පළමු පන්තියේ ටිකට් පතක මිල රැපියල් 2000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1500කි.

මිට අමතරව කොටුව සිට අනුරාධපුරය දක්වා ද නුදුරේදී ම විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් අරම්ණ කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය..

මෙම අවස්ථාවට දුම්රිය දෙපාර්තෙම්න්තුවේ සාමාන්‍යාධිකාරී කුමාර ගුණසිංහ මහතා ද සහභාගී විය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *