27 April 2024
#සංවර්ධන

රාජ්‍ය ඇමැති දුමින්දගේ යෝජනාවට අනුව මල්වතු ඔය හරහා නව පාලමක් ඉදි කෙරේ

තිරප්පනය, ඇතුන්ගම ගම්මානයේ, මල්වතුඔය එගොඩයායේ වගා බිම් වල අස්වනු නගරයට ගෙන ඒමට මෙන්ම ගම්වාසීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මල්වතු ඔය හරහා නව පාලමක් ඉදි කිරීමට කටයුතු කර ඇත.

ඒ, මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ යෝජනාවකට අනුවයි. ඒ සඳහා රුපියල් කෝටි එක හමාරකට ආසන්න මුදලක් යොදවා තිබේ.

එහි ඉදිකිරිම් කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (18) පස්වරුවේ දුමින්ද දිසානායක මහතා එම ස්ථානයට ගියේය.

අවුරුදු 30 කට ආසන්න කාලයක්ම මල්වතු ඔය හරහා ගමන් කිරීමට ගම්වාසීන් වැල් පාලම හරහා අස්වනු කර මතින් ගොවීන් ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුන්ගම ගම්මානයේ මල්වතුඔය ඒගොඩයාය වෙත ගමන් කිරීම සඳහා මල්වතුඔය හරහා නව පාලමක් ඉදි කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව පාලමේ ඉදි කිරීම් කටයුතු ආරම්භ වී මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ ඇති අතර, නොබෝ දිනකින් පාලම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මෙම නිරීක්ෂණ කටයුතු සඳහා මිහින්තලය ආසන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රෝෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *