27 April 2024
#දේශීය

ලබන 21 වනදා සිට සංචාරකයින්ට රට විවෘත කරනවා – ඇමැති ප්‍රසන්න

ලබන 21 වනදා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදීය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පත්ව ඇති පීඩාව සලකා බලා බවයි.

මෙරටට පැමිණෙනු සියලුම සංචාරකයින්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදුකෙරේ.

එහි ප්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාල හෝටල් වලම රැදී සිටිය යුතුය.දින 5-7ත් අතර කාලයේදී මෙම සංචාරකයන් තවත් පී.සී.ආර් පරීක්ෂාවකට ලක්කෙරෙන අතර හඳුාගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ ඉන් අනතුරුවයි.

සංචාරකයන් පැමිණෙන හෝටල් වල කර්යමණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් බී. විජේවීර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, රජයේ ප්‍රවෘත්ති නාලක කළුවැව යන මහත් මහතමීන් සහ රජයේ පෞද්ගලික සියළු විද්‍යුත් හා මුද්‍රීත මාධ්‍ය ප්‍රධානීහු එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *