27 April 2024
#දේශීය

ආණ්ඩුව තුළින්ම නව කැබිනට් මණ්ඩලයක් – මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ

ආණ්ඩුව තුළින්ම නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ ඊයේ (06) රාත්‍රියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදිය. එම රැස්වීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක් වු මන්ත්‍රීවරයා ප්‍රදිප් උඳුගොඩ මහතා කියා සිටියේ

ඉදිරි දින කිහිපය තුළ රටේ අර්බුදවලට විසඳුම් ලබාදීමට ද හැකිවනු ඇති බවයි. ඉදිරි දින කිහිපය තුළ තෙල් අර්බුදයටත්, විදුලි හා ගෑස් අර්බුදයටත් ප්‍රධාන වශයෙන් ජනතාව මුහුණදෙන මේ අර්බුද තුනට විසඳුම් ලබාදෙන්න කටයුතු කරන බව ද හෙතෙම පැවසිය.

එසේම ඉදිරි පැය කිහිපය ඇතුළත නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට කටයුතු කරනු ඇති බවත් එම කැබිනට් මණ්ඩලය ආණ්ඩුව තුළින්ම පත් වනු ඇති බව හෙතෙම පැවසිය. එමෙන්ම විපක්ෂයේ කිසිදු අයෙකු අමාත්‍ය ධුරයක් බාර ගන්නා බව මෙතෙක් දැනුම් දී නොමැති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.එ

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *