• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව මුහුණු ආවරණයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එළිදැක්වයි

3 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ් 19 ඇතුළු වෛරස විනාශ කරන නවතම මුහුණු අ‍ාවරණයක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) එළිදැක්වීම සිදුවිය.

මේවන විට ලොව භාවිතා වන සියලු මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බව මේ පිළිබද පර්යේෂණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් පැවසීය.

එම මුඛ ආවරණයේ පළමු ස්ථරයෙන් කෙළ බිදිති වැනි ද්‍රවමය දෑ ක්ෂණිකව ඉවත්කිරීම සිදුවන බවත් දෙවැනි ස්ථරයේ ඇති විශේෂිත රසායනික ද්‍රව්‍යක් මගින් යම් ආකාරයකින් හෝ පැමිණෙන වෛරස විනාශ කරන බවත් තෙවැනි ස්ථරයෙන් පැමිණෙන කෙළ බිදිති වැනි දේ වාෂ්පකිරීම සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසීය.

එසේම විසිපස් වතාවක් මෙම මුහුණු ආවරණය නැවත නැවත සෝදා භාවිතා කළ හැකිවීමද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ විශේෂ වෛද්‍ය චමින්ද හේරත් මහතා ප්‍රකාශකර සිටියේ මෙම මුහුණු ආවරණය දැනට භාවිතාවන KN 95 මුහුණු ආවරණයට වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨ‍යේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැදෙන වෛරස 99%ක් විනාශ වන බව තහවුරුවී ඇතිබවද ඒමහතා පැවසීය.සාමාන්‍ය මුහුණු ආවරණයක රැදෙන වෛරස දින 7ක් පමණ පැවතුනද මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම නවීන තාක්ෂණයෙන් යුතු මුහුණු ආවරණය මේවන විට වෙළද කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දේශීය වෙළදපොළ සදහා නිෂ්පාදනය කිරීම සිදු කරන බවත් ඉදිරියේදී අපනයනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අපනයන මට්ටමේ මෙවැනි දියුණු නිෂ්පාදනයක් හදුන්වාදීමට හැකිවීම රටක් ලෙස ආඩම්බර විය හැකි කරුණක් බවයි.

අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

Next Post

ගුවන් යානා සංදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

editor

editor

Next Post

ගුවන් යානා සංදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved