• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක්

24 July 2018
in සංවර්ධන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ වියලි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් හඳුන්වා දී තිබේ.

දැනටමත් මෙම පලතුරු භෝගය අගුනකොළපැලැස්ස එරමිනියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇත.

GAC Fruit වශයෙන් හඳුන්වන මෙම පලතුරු විශේෂය කැරට්වලට වඩා දශ ගුණයකින් කැරටිනොයිඩ්ස් හා විටමින් ඒ අඩංගු වන බව කෘෂි විශේෂඥයින් පවසයි.

ගැක් පෘට් ලෙස හඳුන්වන මෙම පලතුරු විශේෂය Sweet Gourd- Momordica Cochinchinensis නැමැති උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වයි.

මෙම පලතුරු විශේෂයේ ඇති සුවිශේෂත්වය වන්නේ ළපටි ඵල එලවළුවක් වශයෙනුත්, ඉදුනු ඵල පලතුරක් වශයෙන්ද, මෙම පලතුරෙහි පත්‍ර කොළ එලවලුවක් ලෙසත් භාවිතා කළ හැකිවීමයි.

එමෙන්ම මෙම පලතුර භාවිතා කරමින් විවිධ ආහාර හා පානවර්ග සකස් කර ගත හැකිවේ. විශේෂයෙන් Dry Arill, තෙල්, පලතුරු යුෂ, ජෑම් හා විටමින් සහිත කැප්සුල් වශයෙන් ද සකස් කර භාවිතා කළ හැකිය.

ගැක් පලතුරෙහි ඇති වැදගත්කම අතර කැරටිනොයිඩ්ස් වැඩිම ප්‍රතිශතයක් අන්තර්ගතවීම මෙන්ම, ප්‍රෝ විටමින් ඒ,බීටා කැරටින්, ලයිකොපේන් වැනි මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය පෝෂණ පදාර්ථ රැසක් මෙම පලතුරෙහි අන්තර්ගත වේ.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුනකොළපැලැස්ස එරමිනියාය කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානයේ පැවැති වැඩසටහන් කිහිපයකට සහභාගි වු අතර එහිදී මෙම පලතුර වගා කර ඇති ආකාරය නිරීක්ෂණය කළේය.

ශ්‍රී ලංකාවේ ගොවීන්ට අමතර ඉහළ ආදායමක් ලබා ගත හැකි මෙම පලතුර සෑම ගෙවත්තකම වගා කළ හැකි වැල් වශයෙන් වැවෙන දැකුම්කලු භෝගයකි.

අප රටේ පහසුවෙන් වගා කළ හැකි ආර්ථිකමය වශයෙන් වටිනාකමකින් යුත් හා ගෙවතු අලංකාර කර ගත හැකි මෙන්ම පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට හේතුවන මෙවැනි බෝග වර්ග ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගන්නැයි අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. එබ්. වීරකෝන් යන මහත්වරුද සහභාගි වුහ.

Post Views: 27
Previous Post

දිපු නිදහස නැති කරගෙන අඩන්න එන්න එපා

Next Post

බැරි වුණ දේවල් ඉදිරි කාලයේදී කරනවා

editor

editor

Next Post

බැරි වුණ දේවල් ඉදිරි කාලයේදී කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved