• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘‘අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එළියට – සමගි ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා‘‘ -මන්ත්‍රී අශෝක් අබේසිංහ

20 March 2024
in දේශීය, පුවත්

උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවලින් 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ ස්වාධින සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට සියයට 39 ක ප්‍රතිශතයක් තිබෙන බව තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම සමීක්ෂණයේදී ජාතික ජන බලවේගයට සියයට 20 ක ප්‍රතිශයක් , පොදුජන පෙරමුණට සියයට 9 ක ප්‍රතිශතයක් , එක්සත් ජාතික පක්ෂයට සියයට 5 ක ප්‍රතිශතයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 5 ප්‍රතිශතයක් තිබෙන බවද හෙළි වී ඇති බව හෙතෙම පැවැසීය.

උතුරු නැගෙනහිර ඡන්ද කිසිසේත් පොදුජන පෙරමුණට සහ ජාතික ජනබලවේගයට ලැබෙන්නෙත් නැති බවත් ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා සියයට 11 ක පමණ ප්‍රතිශතයක් සමගි ජනබලවේගයට අවශ්‍ය වී ඇති බවත් සමගි ජනබලවේගයට පහසුවෙන් එම ප්‍රතිශතයට ලගාවිය හැකි බවත් අබේසිංහ මහතා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක් අබේසිංහ මහතා ‘‘නව ජනාධිපතිවරයෙක් නොවැම්බර් 17 ට පෙර පත්විය යුතුයි. ජුලි මාසය අවසානයේ ජනාධිපතිවරය කැඳවීමේ නිවේදනය නිකුත් කරලා සති දෙකකට පසු නාම යෝජනා කැඳවලා පසුව සති 4 ත් 6 ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතුයි. 2024 ඔක්තොම්බර් මාසයේ 17 ට පෙර නව ජනාධිපතිවරයා පත් කරගත යුතුයි. වසර දෙක හමාරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113 දෙනෙකු යෝජනාවක් සම්මත කර ගත්තොත් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය ලබාදීලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරණය මුලින් පවත්වන්නත් මහ මැතිවරණය සඳහා නව මැතිවරණ ක්‍රමයක් හදුන්වා දෙන්නත් කැබිනට් මණ්ඩලය තීරණය කරලා තිබෙනවා. මහ මැතිවරණය කල් යන බවට ඉඟියක් ආණ්ඩුව එම ප්‍රකාශයෙන් ලබාදෙනවා. ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් කුමන තීරණයක් ගනීවිද කියලා විශ්වාස කරන්න බෑ. පැමිණෙන ඕනෑම මැතිවරණයටක මුහුණ දෙන්න සමගි ජනබලවේගය සුදානම්. ඒ වගේම ඕනෑම මැතිවරණයක් ජයග්‍රහනය කිරිමේ ශක්තිය සමගි ජනබලවේගය සතුව තිබෙනවා. උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවල 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට සියයට 39 ක ප්‍රතිශතයක් සහ ජාතික ජන බලවේගයට සියයට 20 ප්‍රතිශයක් සහ පොදුජන පෙරමුණට සියයට 9 ක ප්‍රතිශතයක් සහ එක්සත් ජාතික පක්ෂයට සියයට 5 ක ප්‍රතිශතයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 5 ප්‍රතිශතයක් තිබෙන බව සිදුකළ ස්වාධීන සමීක්ෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. උතුරු නැගෙනහිර ඡන්ද කිසිසේත් පොදුජන පෙරමුණට ලැබෙන්නෙත් නෑ. ජාතික ජනබලවේගයට ලැබෙන්නෙත් නෑ. ජනාධිපතිවරණය ජය ගැනිම සඳහා සියයට 11 ක වගේ ප්‍රමාණයක් තමයි සමගි ජනබලවේගයට අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඒ සියයට 11 ක ප්‍රතිශයත් සමගි ජනබලවේගයට පහසුවෙන් ලබාගැනීමට හැකියි. 2019 දී පැවැති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 69 ක් , සජිත් ප්‍රේමදාස ලක්ෂ 55 ක් , අනුර කුමාර දිසානායක ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද ලබා ගත්තා. 2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 165 ක්. ඡන්දය ප්‍රකාශ කරලා තිබුණේ ලක්ෂ 135 යි. 2024 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 175 ක්. ඡන්දය ප්‍රකාශ කරන්නේ ලක්ෂ 140 ක් බව අපි උපකල්පනය කරලා තිබෙනවා. ජනාධිපතිවරණය ජය ගන්න ලක්ෂ 70 ක් ඡන්ද ලබා ගත යුතුයි. මේ වනවිට පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය කෑඩි ගොස් තිබෙනවා. බැසිල්ගේ , ලන්සගේ , ඩලස්ගේ , විමල්ගේ , මෛත්‍රීපාල , අනුර යාපාගේ , දයාසිරිගේ , රොෂාන්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් ලෙස පොදුජන පෙරමුණ කණ්ඩායම් 8 ක කැඩි ගොස් තිබෙනවා. පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයේදී ලක්ෂ 70 ක් ඡන්ද ලබාගන්න කොහොමත් බෑ. සියයට 3.6 ද සියයට 50 වෙන්න ලේසි , සියයට 45 ද සියයට 50 වෙන්න ලේසි කියලා ජනතාව කල්පනා කරලා බැලිය යුතුයි. ලක්ෂ 55 ක් ගත්ත පුද්ගලයාටද ජනාධිපති වෙන්න ලේසි , ලක්ෂ 4 ක් ගත්ත පුද්ගලයාටද ජනාධිපති වෙන්න ලේසි මේක සාමාන්‍ය දැනුම. ඒ වගේම ආණ්ඩුවක් පිහිටුවන්න 113 ක් අවශ්‍ය වෙනවා. සමීක්ෂණ වාර්තා අනුව පොදුජන පෙරමුණට ආණ්ඩුවක් කිසි ලෙසකින් පිහිටුවන්න බෑ. මාලිමාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ 3 දෙනෙයි. ඒ මන්ත්‍රිධුර 3 මන්ත්‍රීධුර 113 ක් කරන්න අපහසුයි. සමගි ජනබලවේගයට මන්ත්‍රීධුර 50 ක් තිබෙනවා. මන්ත්‍රීධුර 113 ක් ගන්න පහසුම කණ්ඩායම සමගි ජන බලවේගය පමණයි “ යැයි මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවසයි.

Post Views: 9,229
Previous Post

පුරවර සරසවි මිතුරෝ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කරති

Next Post

කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් දරුවන්ට ඉගැන්වීම 2025 වසරේ දී සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මකයි – ඇමැති සුසිල්

editor ttvnews

editor ttvnews

Next Post
කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් දරුවන්ට ඉගැන්වීම 2025 වසරේ දී සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මකයි – ඇමැති සුසිල්

කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් දරුවන්ට ඉගැන්වීම 2025 වසරේ දී සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මකයි - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved