27 April 2024
#දේශීය

පාකිස්තානයෙන් මෙරට තැලසීමියා රෝගීන්ට ඖෂධ පරිත්‍යාගයක්

පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන Highnoon Laboratories ආයතනය විසින් මෙරට තැලසීමියා රෝගීන්ට ජීවිත කාලයටම අවශ්‍යවන තැලසීමියා ඖෂධ (Feripro Capsuales) පරිත්‍යාග කිරීමේ පළමු අදියර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම ඖෂධ නිල වශයෙන් භාරදීම මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකාවේ පාකිසකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙය සිදු කෙරුණු අතර මෙලෙස මාස හයකට වරක් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව නොමිලේ මෙම ඖෂධ මෙරට තැලසීමියා රෝගීන් සඳහා එම සමාගම විසින් ඉදිරියටත් ලබා දීමට සැළැසුම් කර තිබේ.

පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ හා ආයෝජන භාර අස්මා කමල් (Asmma Kamal), Highnoon Laboratories සමාගමේ විධායක අධ්‍යක්ෂ Hassan M. Murad, Highnoon Laboratories හි මෙරට ප්‍රවර්ධන කටයුතු හා බෙදාහරින්නන් වනTruvic සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදිත ඩයස් යන මහත්වරුන් ඇතුළු එම සමාගමේ නිලධාරීන් පිරිසක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික කමිටු අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සහ රාගම ශික්ෂණ රෝහලේ තැලසීමියා ඒකකයේ වෛද්‍ය කුමාරී අත්තනායක මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *