27 April 2024
#දේශීය

ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු මරුට

රත්නපුර, කෙලින්වීදිය ප්‍රදේශයේ කුලි පදනම මත කාමරයක පදිංචිව සිටි පුද්ගලයෙකු ගිනි ගැනීමකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (13) පස්වරුවේ අදාළ සිදුවීම සිදුව ඇති අතර සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස 65 ක් වන රත්නපුර පදිංචි අයෙකි. මිය ගිය පුද්ගලයා කාමරයක් කුලියට ගෙන කුලි පදනම මත පදිංචිව සිටින අතර ඔහු පදිංචිව සිටි කාමරය තුල බිම අතුරා තිබු මෙට්ටය මත ගිනි ගැනීම හේතුවෙන් මෙලෙස මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කුලි කාමරයේ තිබු භාණ්ඩ හා අනෙකුත් දේපල ගින්නෙත් විනාශ වී ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරික්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරීම සඳහා මෘත දේහය රත්නපුර රෝහලේ තැන්පත් කර ඇත. රත්නපුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *