27 April 2024
#දේශීය

එප්පාවල පොලීසිය ඉදිරිපිට පුද්ගලයෙකු මාරාන්තික උපවාසයක

තමාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිදු කළ පැමිණිල්ලකට මෙතෙක් එප්පාවල පොලිස් ස්ථානයෙන් නිසි පරිදී රාජකාරී ඉටු කර සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයකු අද (10) පෙරවරුවේ මාරාන්තික උපවාාසක් ආරම්භ කරනු ලැබීය.

ඒ, 2008 වර්ෂයේදී කුඹුරකට වතුර හැරවීමට යාමේදී පුද්ගලයකු තමන්ගේ කණට පහර දීමක් සිදු කළ බවත්, එම පහරදීම සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිලි කර , පහරදීමෙන් කණට සිදු වූ තුවාල හේතුවෙන් දින 05 ක් රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ බවත්, තමන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයේ එවකට සිටි ස්ථානධිපතිවරයා ඇතුලු එවකට සිටි නිළධාරීන් මුදලට යටවී තම පැමිණිල්ලට නිසි ලෙස රාජකාරී ඉටු නොකළ බව උපවාසයේ නිරත වන එප්පාවල කදුරුගස්වැව පදිංචි ජයම්පති ගුණසේකර මහතා පවසයි.

ඉන් පසු මෙම පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවූ තැන එප්පාවල පොලිස් ස්ථානයට කීපවතාවක් ගිය නමුත් තමන්ට එම පොලිස් ස්ථානයේ නිළධාරීන් බැණ වැදී එලවා ගත් බවත්, දුරකථනයෙන් මේ සම්බන්ධයෙන් විමසීම් කිරීමේදීද තමන්ට පොලිස් නිළධාරීන් පරුෂ වචනයෙන් බැන වැදුනු බවයි.

ඒ අනුව මානව හිමිකම් කොමිසම, පොලිස්පතිතුමන් ඇතුළු උසස් පොලිස් නිළධාරීන් ඇතුළු ස්ථාන රැසකට මේ සම්බන්ධයෙන් පැමිණිලි 33 ක් ඉදිරිපත් කළ බවද ජයම්පති ගුණසේකර මහතා පවසයි.
අදාළ සිදුවීමට වසර 05 ක් ගත වී ඇතත් තමන්ට මෙතෙක් කිසිවකුගෙන් සාධාරණයක් ඉටු නොවුන තැන තමන්ට සාධාරණයක් ලැබෙන තුරු මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව ජයම්පති ගුණසේකර මහතා පවසයි.

තමන්ට පොලිස් නිළධාරීන් පරුෂ වචනයෙන් බැණ වදින හඩ පටද තමන් සතු බව පවසා මාධ්‍ය වෙත ඒවාද ඉදිරිපත් කළ ඔහු කියා සිටියේ තමන්ට සාධාරණයක් ඉටු වන තුරු තම මාරාන්තික උපවාසය අත් නොහරින බවයි.
ඒ අනුව තම ලියකිවිලි හා විරෝධතා පවුරු සහිතව එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි ගසක් මුළ ඔහු හිදගෙන මාරාන්තික උපවාසයේ මේ වන විටත් නිරත වෙමින් සිටිති.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *