27 April 2024
#දේශීය

කොටිදත් විකිණිමේ ජාවාරමක නිරතවු අයෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ කොටිදත් විකිණිමේ ජාවාරමක නිරතවු පුද්ගලයකු කොටි දත් දෙකක් සමග 21දා අත්අඩංගුවට ගත් බව මාතලේ වනජිවි කාර්යාලය කියයි.

අන්තර්ජාලය ඔස්සේ දැන්විම් පළ කර මෙම කොටිදත් ජාවාරමේ නිරතවි ඇති අතර මාතලේ නාඋල පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ දි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත කොටිදත් දෙක රුපියල් 16500ක මුදලකට තැරැව්කරුවන් මාර්ගයෙන් විකිණිමට තැත් කළ අවස්ථාවේදි උපායදුතයින් යොදා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරු ප්‍රදේශයේ පළා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ පවත්වන බවද වනජිවි නිලධාරිහු කියයි.

වනජිවි නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව වනජිවි නිලධාරින් විසින් සිදු කළ දිර්ඝ විමර්ශනයක් සිදු කළ බවද නිලධාරිහු කියයි.

සැකකරුවන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ වනජිවි කාර්යාලයේ අඩවි ආරක්ෂක එම්.බි.පි විජේකොන්.රජ්ජම්මන වන ජිවි ආරක්ෂක එච්.එම් බණ්ඩාර,වනජිවි නියාමක ඉන්දික ජයවික්‍රම,ක්ෂ්ත්‍ර සහායක චාන්දනි ඒකනායක, යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *