27 April 2024
#දේශීය

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අයෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

කෙසෙල්වත්ත, මාටිස් ලේන් ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාරේ සිටි පුද්ගලයෙකුට ගිනි අවියෙන් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

අද (30) පස්වරුවේදී අමම සිදුවීම සිදුව ඇති අතර තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *