27 April 2024
#දේශීය

විදුලි සැර වැදි අයෙකු මරු‌ට

හසලක, හඳගනාව ප්‍රදේශයේ ඊයේ (30) පස්වරුවේදී නිවසක ඉදිරිපිට විදුලි රැහැනක් අඳිමින් සිටි අයෙකු විදුලි සැර වැදි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 79 ක් වු හඳගනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර අද (01) මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *