27 April 2024
#දේශීය

වැසිකිලිවලට වැටුණු අලියා බැකෝ යන්ත්‍රයකින් ගොඩට ගනී

එප්පාවල පොලිස් වසමේ මාවතවැව ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලක වැටී සිටි වන අලියකු වනජීවී නිළධාරීන්, පොලිස් නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අද (01) පෙරවරුවේ ගොඩට ගනු ලැබීය.

එප්පාවල මාවතවැව ගම්මානයට ගම්වැදුනු වයස අවුරුදු 25 ක පමණ වන අලියකු, මාවතවැව විද්‍යාලය අසල නිවසක වැසිකිලි වලකට අද (01) අලුයම් කාළයේදී වැටී ඇත.නිවැසියන් පවසන්නේ එක් වරම විශාල ශබ්දයක් ඇසුනු බවත්, ඒ පිළිබඳව විපරම් කර බැලීමේදී වන අලියකු වැසිකිලි වලට වැටී සිටි බවයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානය හා තලාව වනජීවී කාර්යාලය දැනුම්වත් කිරීමෙන් අනතුරුව එම නිළධාරීන් පැමිණ නිරීක්ෂණය කරනු ලැබූ අතර, වැසිකිලි වල තුළට වැටුණු වන අලියාගේ පසුපස පාද දෙක වල තුළ සිරවීම නිසාවෙන් වන අලියාට ගොඩට ඒමට අපහසුව පැය 09.00 කට ආසන්න කාළයක් වල තුළ සිරවී සිටීමට සිදු විය.වැසිකිලි වලට වැටුණු වන අලියා දැක බලා ගැනීමට විශාල පිරිසක් අදාළ නිවස වෙත පැමිණි අයුරුද දැක ගත හැකි විය.

පොලිස් ස්ථානය හා තලාව වනජීවී කාර්යාල නිළධාරීන් විසින් ප්‍රදේශවාසීන් එම නිවස අසලින් ඉවත් කර, බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගෙන වැසිකිලි වලේ බැම්ම එක් පැත්තකින් කපා වල තුළ වැටී සිටි වන අලියා ගොඩට ගත් අතර, ගොඩට පැමිණි වන අලියා මාවතවැව රක්ෂිතය වෙත පළවා හැරීමට කටයුතු කරනු ලැබීය.

 

 

තිසර සමල් – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *