27 April 2024
#දේශීය

අකුණු සැර වැදී අයෙකු මරුට

අග්බෝපුර, යුනිට් 22 ප්‍රදේශයේදී ඊයේ (29) සවස් කාලයේදී අකුණු සැර වැදී අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ අධික වර්ෂාව හා අකුණූ පැවැති අවස්ථාවේදී ගවයෙකු ගාල වෙත රැගෙන යාමට නිවසින් පිටව ගොස් සිටියදී මෙලෙස අකුණු සැර වැදීම හේතුවෙන් කන්තලේ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 36 ක් වු අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අග්බෝපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *