• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුරයේ නව ඇඟලුම් කර්මාන්ත ආරම්භ කිරීමේ සැලසුමක් – රාජ්‍ය ඇමැති දුමින්ද

21 January 2021
in සංවර්ධන

අනුරාධපුර තරුණ තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව තිරප්පනය ඇගලුම් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයකට එකවූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි නිළධාරින් හා සේවක සේවිකාවන් හමුවී සාකච්ජාවක්ද පැවැත්වීය.

මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ඇගලුම් කර්මාන්තය මගින් සැපයූවද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇගලුම් කර්මාන්ත ශාලා කීපයක් පමණක් පවතින බැවින් තරුණ තරුණියන් විශාල පිරිසක් දිස්ත්‍රික්කයෙන් පිටත ඇගලුම් කර්මාන්තයන්හී නිරත වෙති.

තවත් බොහෝ දෙනෙක් තම පදිංචි ප්‍රදේශයෙන් දුර බැහැරට ගොස් රැකියා කිරීමට නොහැකි ගැටලු පැවතීම හේතුවෙන් ඇගලුම් කර්මාන්තය හා සහසම්බන්ධ නොවී රැකියා විරහිතව සිටින අතර, ඊට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක මෙලෙස නව ඇගලුම් කර්මාන්ත ශාලා කීපයක් පෞද්ගලික අංශය හා එක්ව ආරම්භ කිරීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවදානය යොමු වි ඇත.

අවශ්‍ය තරම් ශ්‍රම බලකායක් දිස්ත්‍රික්කය පුරා සිටින බැවින් ගම්මාන වල විරැකියාවෙන් පෙලෙන තරුණ ප්‍රජාව ඒ හරහා රැකියා ගත කර එම තරුණ තරුණින්⁣ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා මෙරට ආර්ථිකය ඉහළ දැමීමට ඔවුන්ගේ දායකත්වය සපයා ගැනීම යන කාරණා සියල්ල ඉන් ඉ⁣ටු වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ආයෝජකයි වෙත අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව ඇගලුම් කර්මාන්ත ආරම්භ කිරීමට, පවතින ඇගලුම් කර්මාන්ත වැඩි දියුණු කිරීමට මෙන්ම, වැසී ගිය ඇගලුම් කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය රජයේ සියලු සහය කර්මාන්ත අමාත්‍යංශය හරහා ලබා දිය හැකි බව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.ඒ අනුව හදුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.

තිසර සමල් – එප්පාවල

Post Views: 9
Previous Post

දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය බැහැලාම වැඩ කල යුතුයි – බැසිල් රාජපක්ෂ

Next Post

අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක්

editor

editor

Next Post

අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved