27 April 2024
#දේශීය

පොහොට්ටුවේ මන්ත්‍රීවරියක් අබලන් මාර්ගය හදන තෙක් බිම වාඩි වෙයි

රත්තොට ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ වරාපිටිය ගම්මානය යන මාර්ගය වසර කිහිපයක් තිස්සේ දැඩි ලෙස අබලන්ව ඇති බවත් මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණ කරන ලෙස ඉල්ලා එම මාර්ගයේ බිම වාඩිවි රත්තොට ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි චන්දිමා කවිරත්න මහත්මිය අද (06) උපවාසයක නිරත වුවාය.

මන්ත්‍රිවරිය අදහස් දක්වමින් කියා සිටියේ තමන් පත්වි වසර 4ක් ගතව ඇතත් ප්‍රාදේශීය සභා රැස්විම්වලදි හැමදාම කතා කරන බවත් කිසිදු බලධාරියෙකු මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට අවශ්‍ය පියවර නොගන්නා බවය.

මන්ත්‍රිවරිය කියා සිටියේ මේ සදහා නිිසි විසදුම් ලබා දෙන තෙක් විරෝධාතාවය අත් නොහරින බවය.

ප්‍රදේශවාසින් කියා සිටියේ මැතිවරණ කාලයේදි මාර්ගය හදා දෙන බවට පොරොන්දු දි ඡන්දය රැගෙන යන බවත් මින් මතුවට ඡන්දය ප්‍රකාශ කිරිම් පවා සිදු නොකරන තත්වයකට පත්ව ඇති බවත් කඩිනමින් මාර්ගය හදා දෙන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු පවසයි.

මෙම මාර්ගය භාවිතා කරන ගම්මානයේ පවුල් රැසක් වැසි දිනවලදි මෙන්ම අනෙකුත් දිනවලදි දැඩි අපහසුතාවයට පත්වන බවද ඔවුහු
කියයි.

 

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *