27 April 2024
#දේශීය

මවක් විසින් පොරවකින් කොටා සිය බිළිඳිය ඝාතනය කරයි

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී ඊයේ (05) දහවල් කාලයේදී මවක් විසින් සිය බිළිඳියව පොරවකින් කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වු බිලිඳිය මාස 01 දින 20 ක වයසැති අයෙකි.

එම සැකකරිය වයස අවුරුදු 30 ක් වු වෘත්තියෙන් උපාධිධාරි පාසල් ගුරුවරියක් බවට අනාවරණ වී තිබේ.

ඝාතනයෙන් පසු සැකකාරිය ගල්නෑව පොලිස් ස්ථානයට ගොස් භාර වී ඇති අතර, පොලිස් ස්ථානය මගින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

බිලිඳිය මෙසේ ඝාතනය කර ඇයිද යන්න අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. බිළිඳියගේ මෘත ශරීරය අනුරාධපුර මෘත ශරීරාගාරයෙ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *