27 April 2024
#දේශීය

පොලිස් නිලධාරියෙකු රිය අනතුරකින් මියයයි

සුරියවැව, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේදී අද (10) අලුයම යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරු පැදියේ ගමන් ගත් පොලිස් නිලධාරියා වයස අවුරුදු 35 ක් වු සුරියවැව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කල උප පොලිස් පරික්ෂකයෙකු වේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා ඇඹිලිපිටිය රෝහලට රැගෙන යාමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් සුරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *