27 April 2024
#දේශීය

එතෙර ශ්‍රී ලාංකිකයන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් ඩොලර් සඳහා විශේෂ දිරි දීමනාවක්

එතෙර රැකියාවන් හි නිරත විදේශ ශ්‍රමිකයින් දිරි ගැන්වීමට අවධානය යොමු කරමින් රජය විසින් එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විගමන ප්‍රේෂණ සඳහා ලබා දෙන දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ් අනුව විදේශ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු එසේ පරිවර්තනය කරන ලද අමෙරිකානු ඩොලරයකට රුපියල් 20/=ක දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කරයි.

මෙමගින් විදේශ ශ්‍රමිකයින්ට තම ප්‍රේෂණ සඳහා සුරක්ෂිතතාවට අමතරව ඉහළ ප්‍රතිලාභයක් ද ලබා ගැනීමේ අවස්ථාව උදාවේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *