27 April 2024
#දේශීය

විපක්ෂය සතුටු කරන්න අයවැය යෝජනා ඉදිරිපත් කරන්න බෑ – මන්ත්‍රී හේරත්

විපක්ෂය පිනවීමට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ඊට එහා ගිය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවූ අයවැයක් ඉදිරිපත් කරන්න මෙවර කටයුතු කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා, “මේ අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරන්නේ 2023 පදනම් කරගෙන දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම කියන මාතෘකාවෙන් එහා ගියපු ජනතාව ජිවත් කරවමින් ඉදිරි ගමනට අවශ්‍ය පදනම සකස් කිරීම උදෙසා තමයි අයවැය ලේඛනය ඉදිරිපත් කරලා තිබෙන්නේ. රටක් හැටියට ගත්තාම පිළිගන්න වෙනවා රටේ කෘෂි ආර්ථිකය කඩා වැටුණා කියලා. ආහාර හිගයන්වලට මුහුණ දෙන්න සිදු වුණා. ඊට අනුරූපිතව මංදපෝෂණය කියන මාතෘකාව සමාජගත වෙලා තිබෙනවා. මේ කාරණත් එක්ක තමයි අද මේ අයවැය ලේඛනය තුළින් විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අද ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබාදුන්න රජයක් ජනාධිපතිවරයෙක් එක්ක තමයි පාලක පක්ෂය කටයුතු කරන්නේ. එවන් පසුබිමක් තුළ අපේ විශාල ණය බරක් තිබෙනවා. ඒ ණයබරත් එක්ක රට ගොඩනඟන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව තමයි කතා කරන්නේ. මේ වෙනුවෙන් සැලසුම් අයවැය ලේඛනය තුළින් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ කාරණාවත් එක්ක අද විපක්ෂය බදු බර වැඩි කියලා ඔවුන් හඩනගනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු සහන දෙන විට බදු බර අඩු කරනවා කියලා එදත් කෑ ගැසුවා. එසේ විපක්ෂය පිනවන්න අපිට අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නෑ. මේ නිසා අපිට විපක්ෂයේ මනදොළ සපුරනවාට වඩා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා අයවැය තුළින් අධ්‍යාපනය, සෞඛ්‍ය කටයුතු, සුබසාධන ක්‍රියාවලින් සඳහා මුදල් වෙන්කරලා තිබෙනවා. ඉන් අනතුරුව රටේ අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න වැඩපිළිවෙලවල් යෝජනාවල් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම කෘෂි ගම්මාන 10 ක් හදන්න වැඩපිළිවෙලවල් යෝජනා කරලා තිබෙනවා. ඒ තුළ බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ කලාපවල කෘෂිකර්මාන්ත දියුණු කරලා අනෙකුත් කර්මාන්ත දියුණු කරන්න පුළුවන් දේ වැඩිදියුණු කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තමයි අයවැය ලේඛනය මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කරන්න ද කටයුතු කරලා තිබෙනවා. රාජ්‍ය සේවය කළමණාකරණය කිරීම , මහජන නියෝජිතයෝ එකතු කරගෙන පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයක් හදලා ඒ තුළින් මහජනතා අවශ්‍යතා ඉටු කරන්න විශාල වැඩපිළිවෙලක් මේ අයවැය ලේඛනය තුළ ඉදිරිපත් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා මේ අයවැය ලේඛනය නියත වශයෙන් ආණ්ඩු පක්ෂයක් හැටියට ජයග්‍රහණය කරවනවා වැඩි ඡන්දයෙන්. පාර්මේන්තුවේ අනුමත කරලා රට ගොඩනඟන වැඩපිළිවෙලට අවශ්‍ය පදනම 2023 තුළ දමා ගැනීම තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ අවදානම් කාලයක් තිබුණු 2022 ඒ වසරට ආයුබෝවන් කියලා 2023 ඉතාමත් සංවර්ධිත දේශයක් හදන්න, මිනිස්සුන්ගේ මනදොළ පිනවන මානසික තත්වයක් ඇති කරන සමාජයක් හදන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.බී.හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *