• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් හෝ ඊට එහා ගිය ආදායමක් සකස් කරන වැඩපිළිවෙලක් – ව්‍යාපාරික රනිල් විල්ලද්දරගේ

25 July 2022
in ව්‍යාපාර

ව්‍යාපාර අයිතිය සියයට 51 ක් මහජනතාව වෙත පවරමින් වර්තමානයේ රටේ ආර්ථික අර්බුදය ජය ගැනීම සදහා ඩොලර් බිලියන 5 ක වාර්ෂික ආදායමක් හෝ ඊට එහා ගිය විදේශ විනිමය ඉපැයීම සදහා ශ්‍රී ලාංකික ව්‍යාපාර මොඩලයක් හදුන්වා දී ඇති බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පවසයි.

එමගින් වැඩිදුරටත් අදහස් දක්වන රනිල් විල්ලද්දරගේ මහතා, “රටක ආර්ථිකය ගොඩ නැංවීම සිදු කළ යුත්තේ පියවරෙන් පියවර. වැටුණු ආර්ථිකයක් ගොඩනැංවීම ඉතා සංකීර්ණ කාර්යයක්. එවැනි ආර්ථිකයක් ගොඩනැංවීමට නිවැරදි සැලසුමක් හා ඉලක්කගත වැඩපිළිවෙලක් අනුව කටයුතු කළ යුතුයි. වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාව ආර්ථික අර්බුදයත් සමග විශාල ගැටලු රාශියකට මුහුණ දෙමින් පෝලිම් වල දුක් විදිමින් සිටිනවා. මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන ගැටලුව විදේශ විනිමය අර්බුදයයි. ඒ සදහා වන තනි තිරසාර විසදුමක් ලෙස මෙය හදුන්වා දී තිබෙනවා.

දේශීය ව්‍යාපාරිකයකු ලෙස තරුණ තරුණියන්ගෙන් සැදුම් ලත් දේශීය ව්‍යාපාර සන්නාමයක් වන Gflock හරහා දේශීය ඇගලුම් ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් සන්නාම වන Zaara , Mango, Myer, Uniqlo, Shein, H&M සමග තරගකාරීත්වයෙන් ජාත්‍යන්තර වෙළෙද පොල වෙත ප්‍රවිශ්ඨ වී තිබෙනවා. ඒ හරහා උපයනු ලබන ඩොලර් ආදායම ලංකාවේ ආර්ථික ගැටලු විසදීම සදහා දායකත්වයක් දක්වනු ඇත. මෙය ඉතා සැලසුම්සහගතව වසර 7 කාලයක් තුළ ඩොලර් බිලියන 5 ක් හෝ ඊට එහා ගිය ආදායමක් උත්පාදනය කිරීමට සකස් කරන ලද ව්‍යාපාර මොඩලයක්.

ඇමරිකාව ප්‍රමුඛ දියුණු බටහිර රටවල්, චීනය වැනි පෙරදිග රටවල් ජාත්‍යන්තර වෙළෙදපොලේ බලය පතුරවමින් සිටිනවා. අපේ ඇගලුම් Gflock සන්නාමය Online ක්‍රමය හරහා ජාත්‍යන්තර වෙළෙදපොලට බලපෑමක් කළ හැකි පරිදි සැලසුම් සකස් කර තිබෙනවා.

අපේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ ඇදුම් මිලදී ගැනීම සදහා එක් අයෙකු වසරකට ඇමරිකානු ඩොලර් 300 – 500 ත් අතර ප්‍රමාණයක් වියදම් කරනවා. ඒ සියල්ල ඔවුන් විදෙස් සන්නාම මිලදී ගැනීමට වැය කරනවා. මගේ ඉලක්කය සහ අරමුණ වී ඇත්තේ ඒ වියදම් කරන මුදල ශ්‍රී ලාංකික දේශීය තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වයෙන් ආරම්භ වූ දේශීය සන්නාමයක් යටතේ වූ නිෂ්පාදන Online ක්‍රමය හරහා අලෙවි කර ඒ සම්පුර්ණ ඩොලර් ආදායම ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමයි. දැනටමත් එම ප්‍රජාව ඉලක්ක කරමින් Online ක්‍රමය හරහා නිෂ්පාදන අලෙවි කරමින් සිටිනවා. එතුළින් දැනටමත් උපයන ඩොලර් ආදායම සම්පුර්ණයෙන් අප ලංකාව වෙත ගෙන එනු ලබනවා. අපේ ඉලක්කය වී තිබෙන ඩොලර් බිලියන 5 හෝ ඊට එහා ගිය ආදායම ඉපැයීම වෙනුවෙන් අදියරෙන් අදියර සැලසුම්සහගත වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

මෙම සන්නාමය ලංකාවට ඩොලර් අදායම උපයා දීමට කටයුතු කරනවා මෙන්ම ඒ හරහා ලබන ආදායමෙන් තුනෙන් එකක් නැවත වක්‍ර හා සෘජුව ඇගලුම් කේෂ්ත්‍රයේ රැකියා කරන අය අතර ජීවනෝපාය පහසුකම් ලෙස බෙදා දීමට කටයුතු කර තිබෙනවා. දැනටමත් අපගේ ව්‍යාපාරය හරහා රැකියාවේ නිරත වන්නන්ට ඔවුනට සරිලන වැටුප් හා මාසිකව ජීවනෝපාය ආධාර (රුපියල් 10,000 කට ආසන්න සහල් හා වියළි ආහාර මලු) ලබා දෙනවා. එම පුන්‍ය කටයුත්ත සිදු කිරීමට හැකියාව ලැබී ඇත්තේ අපේ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයින්ගේ දායකත්වය නිසයි. එමෙන්ම 2025 වන විට මෙම ව්‍යාපාරයේ කොටස් සියයට 51 ක් නොමිලේ ජනතාව වෙත පැවරීමට සැලසුම් සකස් කර ඇති බව විශේෂයෙන් කිව යුතුයි.

ඇගලුම් කර්මාන්තය කියන්නේ විශාල ඩොලර් ආදායමක් ගෙන ආ හැකි ව්‍යාපාරයක්. සාරා (Zara) කියන සන්නාමය වාර්ෂික ආදායම ඩොලර් බිලියන 20-25 ත් අතර ප්‍රමාණයක් උපයනවා. අපි තරග කරන්නේ ජාත්‍යන්තර සන්නාම අතරේ ශ්‍රී ලංකාවේ සන්නාමයක් ප්‍රචලිත කරමින් ඒ හරහා ඩොලර් උපයමින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසදුමක් සොයන්න. ඒ සදහා ව්‍යාපාරිකයකු ලෙස ශ්‍රී ලංකා සන්නාමයක් ලෝකය තුල ප්‍රචලිත කරමින් නව දැක්මකින් යුතුව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ අම්මා, තාත්තා ඇතුළු සිය ආදරණීයන් පෝලීම් ක්‍රමයේ දුක් විදින එක නැවැත්වීමටත්, රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමටත් ශ්‍රී ලාංකික සන්නාමයන් සහිත නිෂ්පාදනයන් මිලදී ගන්න පෙළඹෙන්න කියලා. ඒ හරහා අපි පුළුල් ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ගොඩනගමින් නැගී සිටිමු කියන ආයාචනයයි.”

 

පිටපත – PR

Post Views: 30
Previous Post

පාසල් අද සිට ආරම්භ වෙයි

Next Post

ප්‍රථමාධාර පුහුණුවක් මාතලේ දි

editor

editor

Next Post

ප්‍රථමාධාර පුහුණුවක් මාතලේ දි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved