• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“බිගු ජනපද” පිහිටුවීමේ වැඩ පිළිවෙළක්

2 July 2018
in Uncategorised

මී මැසි පාලනය මගින් මී පැණි නිපදවීමට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ඉතාමත් උචිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

එසේ වුවත් දැනට අපේ රටේ මීපැණි නිෂ්පාදනය සිදු කෙරෙනුයේ ජාතික අවශ්‍යතාවයට වඩා ඉතාමත් අඩුවෙනි. මේ නිසා වාර්ෂිකව මෙරටට මී පැණි ආනයනය සඳහා අති විශාල මුදලක් විදේශ රටවලට වැය වේ. 2017 දී මෙරටට මීපැණි ආනයනය කිරීම සඳහා වැය කර තිබෙන මුදල රු. මි. 466කි.

මීමැසි පාලනය පර්චස් හතඅටක ඉඩමක වුවත් සිදු කළ හැකිවේ. එමෙන්ම මීමැසි පාලනය යනු වියදම් දැරීමට සිදුවන වගාවක්ද නොවේ. එමනිසා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙන ලද්දේ “බිගු ජනපද” නමින් මී මැසි පාලන කලාප කිහිපයක් දිවයිනේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ සඳහා අවශ්‍ය මී මැසි පෙට්ටි 10,000ක් ඉදිරි මාස 06 තුළ නොමිළේ බෙදා හැරීමට නියමිත අතර, මීමැසි පාලනය සඳහා අවශ්‍ය මීමැසි ජනපද ලබා දීම, තාක්ෂණය, හා මීපැණි නිපදවීමට අවශ්‍ය උපකරණ මෙන්ම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය වෙළෙඳ පොල සොයා දීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වෙයි.

බණ්ඩාරවෙළ බිඳුනුවැව කෘෂිකර්ම ගොවිපොළ මගින් මේ සඳහා උනන්දුවක් දක්වන ගොවීන්ට විදිමත් පුහුණුවක් ලබා දෙන අතර, තරුණ පරම්පරාව කෘෂිකර්ම ක්ෂේත්‍රයට ආකර්ශනය කර ගැනීමේ අරමුනින් මෙවැනි ඉහළ ආදායමක් උපයා ගත හැකි කෘෂිකාර්මික ප්‍රවේශයන් සඳහා අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම මීමැස්සන්ට පැණි රැස් කර ගැනීමට හැකි වන පරිදි පැණි බහුල සපුෂ්ප ශාඛ වර්ග වන මොර, මී, අඹ, බොර, බුරුත වැනි ශාක විශේෂ රජයේ ඉඩම්වල හා මහමාර්ග දෙපස වගා කිරීමට ද නියමිතය.

දැනට අප රටට අවශ්‍ය මී පැණි තායිලන්තය හා ඕස්ට්‍රේලියාව වැනි රටවලින් ආනයනර කරනු ලබන අතර මී පැණි බහුල වශයෙන් තරුපහේ හෝටල්, දේශීය ඖෂධ නිෂ්පාදනය, ගුවන්සේවාවල දී සපයන ආහාර පාන වැනි අවස්ථාවන්හිදී භාවිතා කරයි. එමනිසා මීපැණි දේශීය වශයෙන් නිපදවීම ඉහළ නැංවීම මගින් විශාල ආදායමක් උපයා ගැනීමට හැකිවේ.

එමනිසා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන තරුණ පිරිස්වලට එක් අයෙකුට අඩුම තරමින් මීමැසි පෙට්ටි 05-10ත් අතර ප්‍රමාණයක් ලබා දීම තමන් බලාපොරොත්තු වන සඳහන් කළ අමාත්‍ය වරයා “අපි වවලයි -අපි කන්නේ” නව කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ මී පැණි නිපදවන කලාප කිහිපයක් අප රටේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව කීය.

අනෙක් කරුණ නම් නව කෘෂිකාර්මික පර්යේෂණ අනුව බෝගවලට හානි කරවන කෘමින් පාලනය සඳහා හොඳම ජෛව තාක්ෂණ ක්‍රමවේදය මීමැසි පාලනය හා මී පැණි බව ද තහවුරු වී තිබේ. එමෙන්ම බෝගවල අස්වනු වැඩි කර ගැනීමට හේතුවන පුෂ්ප පරාගන ක්‍රියාවලියට මීමැසි පාලනය ඉතා විශිෂ්ට පිටුවහලකි.

Post Views: 11
Previous Post

වැඩ කරනකොට මිඩියාවලින් අපිට ගහනවා

Next Post

මම මොකට ට්‍රම්ප්ව හම්බවෙන්නේ?

editor

editor

Next Post

මම මොකට ට්‍රම්ප්ව හම්බවෙන්නේ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved