27 April 2024
#දේශීය

ගම්මන්පිලට අස්වෙන්නැයි සාගර කියයි

රටේ ජනතාව මේ වන විට පිඩාවට පත්ව සිටින අවස්ථාවකදී තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් එහි වගකීම භාර ගෙන ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදි රජයක් පිහිටුවාගෙන විශාල අභියෝග රැසකට මේ වන විට මුහුණ දෙමින් සිටින බවයි.

එවැනි අවස්ථාවේදී වුවමනාවෙන්ම පක්ෂය හා එහි නායකයින් අප්‍රසාදයට පත් කිරීම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇති කරනු ලබන බව සැකයක් උපදින බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනතාව කෙරෝනා උවදුර මත දැඩි පිඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවකදී තෙල් මිල වැඩි කිරීම මගින් ජනතාව මත අතිරේක පීඩනයක් ඇති කිරීම නොකල යුතු බවත් මෙම තත්ත්වයක් වෙනස් විය යුතු බව ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *