• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට පාසල් දරුවන් දහසක්  උපකරණ ලබා දීමේ වැඩසහනක් – වනවාසී රාහුල හිමියන්

28 February 2024
in දේශීය, පුවත්
ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට පාසල් දරුවන් දහසක්  උපකරණ ලබා දීමේ වැඩසහනක් – වනවාසී රාහුල හිමියන්

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට සමගාමීව පාසල් දරුවන් දහසක් සඳහා පාසල් උපකරණ හා පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසහනක් මාර්තු මස 02 වැනි දින සිදු කරන බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.

ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත වසර මිලියන දස ලක්ෂ පන්සිය පනහකට වඩා වැඩි පැරණි ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳුවැටිය ජාතිය වෙනුවෙන් සංරක්ෂණය කොට එය ජාතිය වෙනුවෙන් ආරක්ෂා කර තැබීමේ උදාර ජාතික මෙහෙවර ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් ආරම්භ කොට වසර 33 ක් සපිරීම නිමිති කර ගෙන, ජාතික නාමල් උයන වටා ජීවත් වන පාසල් දරුවන් 1000 ක් සඳහා පාසල් උපකරණ ප්‍රධානය කිරීම හා පෝෂදායි ආහාර වේලක් ලබා දීම සිදු කෙරේ.

ඊට සමගාමීව ජාතික නාමල් උයනේ ඉපැරණි චෛත්‍යයරාජයාණන් වන්සේ විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් අනතුරුව ප්‍රථම වලට මල් පහන් පූජාව පැවැත්වීමටද නියමිතය.

ඊ සෝෆිට් මෙට්‍රෝ කැම්පස් පුද්ගලික සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දයාන් රාජපක්ෂ මැතිතුමන්ගේ හා දෙස් විදෙස් දානපතීන්ගේ පූර්ණ දායකත්වය ඇතිව මෙම සත්කාර්ය ක්‍රියාත්මක කරන බවද වනවාසී රාහුල හිමියන් පැවසූහ.

1991 වසරේදී පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මොරගහක් මත පැලක් තනා, ඒ මත සිට ආරම්භ කරන ලද ජාතික නාමල් උයන සහිත රෝස තිරිවානා නිධිය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, විදේශීය සංචාරකයන් අතරද ඉමහත් ජනාදරයට ලක්වූ පුදබිමක් හා පරිසර නිකේතනයකි. එකල දැව සොරුන්ගේ ග‍්‍රහණයට දැඩිව ලක්ව තිබූ මෙම වනපෙත ඉන් බේරාගෙන ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ තැනක් බවට සංරක්ෂණය කරන ලද්දේ වනවාසී රාහුල හිමියන් විසින්මය.

දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳු පන්තිය පිහිටා තිබෙන්නේ ජාතික නාමල් උයනේයි.අක්කර 260ක් පුරා විහිදී ඇති නා ගස් ගහණයත්, අක්කර 105ක භූමි ප්‍රමාණයක විහිදී ඇති වසර මිලියන 500ක ඉතිහාසයකට හිමිකම් කියන කඳු වැටි හතකින් සැදුම්ලත් රෝස තිරුවානා කඳු පන්තියත් හේතුවෙන් ලෝකය පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්ව ඇති ජාතික නාමල් උයන ඉතා සුන්දර පරිසර පද්ධතියකි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 12,471
Previous Post

ඔන්ලයින් පනතට කතානායක අත්සන් කරලා තිබෙන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා -මන්ත්‍රී කිරිඇල්ල

Next Post

රුපියල් බිලියන 11ක් පොහොර සහනාධාරය වශයෙන් බෙදාහැර අවසන් -ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

editor ttvnews

editor ttvnews

Next Post
රුපියල් බිලියන 11ක් පොහොර සහනාධාරය වශයෙන් බෙදාහැර අවසන් -ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

රුපියල් බිලියන 11ක් පොහොර සහනාධාරය වශයෙන් බෙදාහැර අවසන් -ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved