27 April 2024
#දේශීය

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාතලේ ශාඛාවේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණ

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාතලේ ශාඛා කාර්යාලයේ ප්‍රගතිසමාලෝචන රැස්වීමක් ඉකුත්දා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ආයතනයෙන් සේවාවන් ලබා ගැනිමට පැමිණෙන සේවාලාභීන්ගේ දත්තයන් විශ්ලේෂණය තුළින් මාර්ග අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසටත්, මාතලේ ශාඛා කාර්යාලයේ ආදායම ඉහළ නංවා ගත හැකි ව්‍යාපාර සැළැස්මක් සකස් කර ඒ තුළින් ප්‍රදේශයේ මහජනතාවටත් සේවකයන්ටත් ප්‍රතිලාභ ලබාදීමේ පරමාර්ථයෙන් ආරම්භයක් වශයෙන් ප්‍රථමයෙන් මාතලේ ශාඛා කාර්යාලයේ බාහිර රෝගී අංශයක් හා විශේෂඥ වෛද්‍ය නිලධාරීන් හමුවීමේ පහසුකම් සළසා දෙන ලෙසත්, මාතලේ ශාඛා කාර්යාලයේ අවශ්‍යතා සොයාබලා ඉදිරියේදි අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරින්ට අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබිය.

මෙම අවස්ථාව සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ජේ.ඒ.ඩී.බී.අබේරත්න, අධ්‍යක්ෂ (පරිපාලන/මූල්‍ය) ටී.ජී. ලක්ෂ්මන්, ගණකාධිකාරී එස්.පී.ඒ.එස්.දිසානායක, හා මාතලේ ශාඛා කාර්යභාර නිලධාරිනී- පී.එම්.එල්.කේ. පතිරණගේ යන මහත්ම මහත්මින් මෙන්ම මාතලේ ශාඛා කාර්යාලයේ වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *