• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අස්වැසුම හිමි නොමිලේ දුන් සහල් දුන් නොගත් අය හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

14 May 2024
in දේශීය, පුවත්
ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ඉහළට – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින එහෙම රජය නොමිලේ සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුම්වත් කිරීම සඳහා අද (14) කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින අතර එම වාර්තාව ලබන සතිය වන විට තමා වෙත ලැබීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නොමිලේ සහල් ලබා දීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වන අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන් ම හිමි වන බව සේමසිංහ මහතා පවසයි.

නමුත් අදාළ සහල් ලබා ගැනීම සඳහා එම ස්ථානවල යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබා ගන්නේ නම් සිය අනන්‍යතාව හෙලිවේයැයි යන සැකය මත කිසිවකු එය ලබා ගැනීමට ඉදිරිපත් නොවූවේ නම් එය හඳුනා ගැනීම සඳහා මෙම වාර්තාව පහසුවක් වනු ඇති බව හෙතෙම පැවසිය.

වසර 30ක් පමණ පැරැණි සමාජ සුබ සාධන ක්‍රමවේදයකින් නව ක්‍රමවේදයකට වෙනස් වන අවස්ථාවක තවමත් පැරැණි ක්‍රම අනුව කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ ලොව පිළිගත් නව ක්‍රමවේදයන් ඔස්සේ ඉදිරියට යාම අත්‍යාවශ්‍ය බවයි. එය සුබ සාධන ක්‍රියාවලිය පමණක් නොව ආර්ථික ක්‍රියාවලියට ද පොදු කරුණක් බව පෙන්වා දුන් සේමසිංහ මහතා කියා සිටියේ මෙය ශ්‍රී ලංකාව දශක දෙකකට පමණ පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබූ ක්‍රමවේදයක් බවයි.

මේ අතර අස්වැසුම දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා දැනට අයදුම්පත් 450,404ක් ලැබී ඇති අතර ඉන් 84% හෙවත් 377,485ක් පද්ධතියට ඇතුළත් කර ඇති බව මෙහි දී අනාවරණ විය. සේමසිංහ මහතා සඳහන් කළේ අලුතෙන් බඳවා ගත් ග්‍රාම නිලධාරීන් 2,000 මෙම කටයුත්ත වෙනුවෙන් උපරිමයෙන් දායක කර ගන්නා බවයි. එසේ ම අස්වැසුම සංගණන කටයුතු සඳහා දායක වන වෙනත් පාර්ශ්වයන් වෙත ද දීමනා ලබා දීමට පියවර ගන්නා බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ද කඩිනමින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය

Post Views: 17,351
Previous Post

ලාදුරු රෝගයට බය වෙන්න අවශ්‍ය නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල

Next Post

බාර් පර්මිට් ගන්න අයට දඩුවම් කරන්න ගියොත් විපක්ෂයක් නැති වෙයි – රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor ttvnews

editor ttvnews

Next Post
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

බාර් පර්මිට් ගන්න අයට දඩුවම් කරන්න ගියොත් විපක්ෂයක් නැති වෙයි - රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved