• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

West Minister Foundation for Democracy සංවිධානය විසින් මෙරට සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ වාර්තාවක්

5 July 2023
in දේශීය

West Minister Foundation for Democracy සංවිධානය විසින් මෙරට සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයවැය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව කරන ලද සමීක්ෂණ වාර්තාවක් අද (5) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ඉදිරිපත් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා අනුබද්ධ එක්සත් රාජධානියේ West Minister Foundation for Democracy සංවිධානයකි.

මෙහිදී විශේෂයෙන්ම බෝ නොවන රෝග කලින් හඳුනාගෙන පාලනය කර ගැනීම විශේෂයෙන් වතුකරයේ ජනතාව ,අඩු ආදායම්ලාභී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ළදරුවන්, ගර්භනී මව්වරුන්, වැනි විශේෂ අවධානය සහිත කාණ්ඩ සඳහා සකස් කළ යුතු වැඩසටහන් ආදිය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ අතර ස්වේච්ඡා සේවකයින්ගේ සහාය මේ සඳහා යොදාගත හැකි බවත් ඒ සඳහා ඔවුන්ට අවසානයේ සේවා ඇගයීම් සහතිකයක් ලබාදීමේ වැඩසටහන් ආදිය එම යෝජනා අතර විය.

එම යෝජනා සහ අදහස් මෙන්ම මෙවැනි සමීක්ෂණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සඳහා වඩාත් වැදගත් බවත් පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද හැකි උපරිමයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා සඳහා වැඩි අවධානයක් යොමුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් වන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා එක්ව ඉදිරියට කරගෙන යාමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මියට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

Post Views: 8
Previous Post

ජනතාවට සහන මිලට ආහාර අවශ්‍යතාවය සපුරාගන්න පුළුවන් – මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන

Next Post

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම දිර්ඝ කෙරේ – ශ්‍රී ලංකා මහබැංකුව

editor

editor

Next Post

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම දිර්ඝ කෙරේ - ශ්‍රී ලංකා මහබැංකුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved