27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ ක්‍රිඩා උත්සව සඳහා වෙන් කර මුදල් කොවිඩ් වෙනුවෙන් යොදවන්නැයි ඉල්ලීමක්

මධ්‍යම පළාත් ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමෙන්තුවේ මේ වසරේ ක්‍රිඩා උත්සව ඇතුලු අනෙකුත් වියදම් සදහා වෙන් කර ඇති මුදල් කොවිඩ් වසංගතය මැඩලිම සදහා වු අරමුදලකට යොදවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගෙන් ලිඛිතව ඉල්ලිමක් කළ බව මධ්‍යම පළාත් ක්‍රිඩා කේෂ්ත්‍ර නිලධාරින්ගේ වෘත්තිය සංගමයේ සභාපති පි.කේ අලුවිහාරේ මහතා පවසයි.

එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වසරේ ජාතික මහා ක්‍රිඩා උළෙලකොට්ඨාශ මට්ටමින් තරග මධ්‍යම පළාත තුළ සිදු නොකරන බවත් පසුගිය අප්‍රේල් මස සිට කොවිඩ් තත්වය නිසා පැවැත්වමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බවත් මේ නිසා එම මුදල් වෙනත් කාර්යක් සදහා යෙදවිමට කාලෝචිත බවය.

ඒ වෙනුවෙන් මිලියන ගණනින් ක්‍රිඩකයින්ගේ ඇදුම් සදහා වෙන් කර ඇති බවත් වෙනත් හදිසි නොවන ව්‍යාපෘති ක්‍රිඩා උපකරණ සහ භාන්ඩ මිලදි ගැනිම්ද අත්හිටුවා රට පත්ව ඇති ජාතික ව්‍යවසන තත්වය මත මෙම මුදල් කොවිඩ් අරමුදලට බැර කිරිමට අවශ්‍ය මැදිහත්විම සිදු කරන ලෙස මධ්‍යම පළාතේ බලධාරියා ලෙස කටයුතු කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

 

 

 

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *