27 April 2024
#දේශීය

කොවිඩ් එන්නත නිසා ලිංගික ශක්තිය හීන වෙන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය චන්න

තරුණ පිරිස් හට මේ වන විට එන්නත්කරණය සිදු කරන අතර ඒ සඳහා අනවශ්‍ය ලෙස බිය නොවි කොවිඩ් එන්නත ලබා ගැනීමට පැමිණිනෙ ලෙස රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ කොවිඩ් එන්නත්කරණයෙන් ලිංගික ශක්තිය හින වෙලා තියෙනවා යැයි ද දරුවන් බිහි කිරීමේ හැකියාව නොමැති මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ පිරිස් අතර අසත්‍ය ප්‍රචාරණයක් පැතිරිලා තිබෙනවා.

මේ ආකාරයේ අනියත බියක් ඇති කර නොගෙන ඔබට හිමි එන්නත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා තරුණ පිරිස්ගෙන ඉල්ලා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *