27 April 2024
#දේශීය

එක්තැන්ව සිටි අයෙකු පිලිස්සි මරුට

ඉලිප්පදෙනිය ප්‍රදේශයේ නිවසක් තුල එක්තැන්ව සිටි පුද්ගලයෙකු ගිනිගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (27) පස්වරුවේ අදාල සිදුවිම සිදුව ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වු එම නිවසේ පදිංචිකරුවෙකි.

මිය ගිය පුද්ගලයා වසර 03 කට පමණ පෙර සිට එක්තැන්ව සිට ඇති අතර සිය සහෝදරිය සමඟ මෙම නිවසේ පදිංචිව සිටි ඇත.

සහෝදරිය නිවසින් බැහැරව ගොස් ඇති අවස්ථාවකදී මෙම අනතුර සිදුව ඇති බව මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *